හැදින්වීම

                 
                         ශ්‍රී ලංකාව ආවේණික පක්ෂි විශේෂ 26කට සහ යෝජිත ආවේණික විශේෂ හතකට නිවහන වේ. දිවයිනෙන් වාර්තාවන සම්පූර්ණ පක්ෂි විශේෂ සංඛ්‍යාව 492ක් වන අතර, ඉන් විශේස 219ක් අභිජනන නේවාසිකයින් වේ. BirdLife International ආයතනය විසින් ශ්‍රී ලංකාව ලෝකයේ ආවේණික පක්ෂි කලාප (EBA) අතුරින් එකක් ලෙස හඳුනාගෙන ඇත.වසර ගණනාවක් තිස්සේ මෙරටට ආවේණික විශේෂ සංඛ්‍යාව බොහෝ වරක් සංශෝධනයට ලක්වී ඇත.මෙය බොහෝදුරට "සමීප වර්ගීකරණ ප්‍රතිශෝධනයන්" නිසා සිදු විය. ආවේණික පක්ෂි විශේෂ සංඛ්‍යාව 20ක් අවමයේ සිට 47ක උපරිමයක් දක්වා වරින්වර උච්චාවචනය වී ඇත.1977 සිට මෙම අගය 21 අවට විචලනය විය. 1990දී නව විශේෂ දෙකක් එකතු කිරීමත් සමග එම අගය 23 තෙක් ඉහළ ගියේ ය. එතැන් සිට විවිධ අධිකාරීන් විසින් මෙම සංඛ්‍යාව අනුමත කොට ඇත. 1994දී විජේසිංහ විසින් ප්‍රකාශයට පත්කළ A checklist of the birds of Sri Lanka තුළින් අමතර විශේෂ තුනක් ඇතුළත් කෙරිණි. නමුත් මෙම සංශෝධනය පුළුල් පිළිගැනීමකට ලක්නොවූ‍යේ එහි තාර්කිකභාවය දැඩි වර්ගීකරණ පිළිවෙත සමග නොසැසඳීම හේතුවෙනි. නමුත් අනුතරුව ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ පක්ෂි සංහතිය පිළිබඳ වාර්තාවල මෙම පක්ෂීන් තිදෙනා ආවේණිකයන් ලෙස ඇතුළත් කොට නොමැත. කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ ඇතැම් කවයන් විසින් විජේසිංහගේ යෝජිත ආවේණිකයන් අනුමත කළ හැකි බව පවසා ඇත. මේ ඇතැම් විට රටේ ආවේණිකයින් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඇතිවන සතුට හෝ වානිජමය පක්ෂීන් නැරඹීම කෙරෙහි වාසිදායක හෙයින් පිළිගන්නට ඇත.

2001දී, වරකාගොඩ සහ රැස්මුසන් විසින් පඬුවන් කන්බස්සා Otus thilohofmanni නැමැති නව ආවේණික පක්ෂි විශේෂයක් සොයාගන්නා ලදී. 1868දී ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා (Myophonus blighi) හඳනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශී ලංකාවෙන් සොයාගැනුණු පළමු නව පක්ෂි විශේෂයයි. විශේෂයන්ගේ මට්ටමේ වර්ගීකරණ ප්‍රතිශෝධන සඳහා ඇතැම් යෝජනා පවතියි. මෙය ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන්ගේ තත්ත්වය කෙරෙහි ද බලපානු ඇත. රටේ උපසර්ගයක් වන "ශ්‍රී ලංකා" යන්න පොදු නම් තුළට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් ආවේණික විශේෂවල පමණක් සිදු කෙරේ. කෙසේනමුත්, කොටගම සහ පිරිස (2006), සිබ්ලි සහ මොන්රෝ (1990) විසින් විශේෂවල පොදු නම් සඳහා "Ceylon" යන්න භාවිතා කර තිබීම සම්බන්ධයෙන් එකඟ නොවේ. ඔවුන් යෝජනා කරන්නේ දිවයිනේ නිල ඉංග්‍රීසි නාමය සිලෝන් සිට ශ්‍රී ලංකා සිට වෙනස්වීම එයින් ද නිරූපණය විය යුතු බවයි.සිබ්ලි සහ මොන්රෝගේ තර්කය වන්නේ "සිලෝන්" යන භූගෝල විදයාත්මක ඒකකය බවත්, "ශ්‍රී ලංකා" යනු එම දිවයින අයත් රාජ්‍යය බවත් ය. පක්ෂීන්ගේ ව්‍යාප්තිය සඳහා සාමාන්‍යයෙන් භූගෝලීය නාමය යොදා ගැනේ. උදාහරණයක් වශයෙන් මැඩගස්කර් යන්න එහි ජාතික නාමය වන මැලගසි ජනරජය වෙනුවට භාවිතා කිරීම දැක්විය හැක.

Comments